Monday, November 30, 2015



කපනවා නම් කපනවා..
ඉඹිනවා නම් ඉඹිනවා..
කපන්න බැරි වුනාම ඉඹින්න යන්නෙත්නෑ..
ඉඹින්න බැරි වුනාම කපන්න යන්නෙත් නෑ..


හතරැස් කතා රවුම් වුනාට
හැම කතාවකම දෙපැත්තක් තියනවා..
ඒත් උඹලා බලන්නේම එක පැත්තක් විරයි..

Sunday, November 29, 2015



ජීවිතේ තවත් ඉතිරිව ඇති දින කිහිපයට
සතුට කොච්චරක් ඉතිරිවෙලාද
මනින්න ගතවන කාලයේත්
අපි සතුටින් ඉමු..

Thursday, November 5, 2015



සත් දවසකින් මගේ පිංකම එළඹෙන ද‍ා
වත් කර පැන් මගෙ මතකය සිහිවෙන දා
කොච්චර කදුලු හෙලුවත් මා නොම එන දා
සිත් නොම තොසින් නොවෙදැයි සිට මා මල දා

සිහිකර එදා අප ආගිය කතා සතු
මිහිදන් වෙලා අද මා සමඟින් එ තතු
යලි හමුවෙන්න දවසක මේ සසර මතු
සිහිකර පහන් දැල්වූවද කියන් මිතු

මලවුන් අතර සැනසීමක් ඇත්තෙ නැත
ජීවින් අතර  නුඹටත් සැනසුමක් නැත
අපගේ සතුට සමඟිය සැනසිල්ල වෙත
කාගෙද බැල්ම වැටුනේ වැටහෙන්නෙ නැත

Monday, November 2, 2015



ආදරය
අපි අකමැති දේවල් වලට
කැමති වෙනහැටි කියාදෙනවා..
ආදරය
අපි කැමති දේවල් වලට
අකමැති වෙනහැටි කියාදෙනවා..


මාරයායි දේවදූතයායි සූදුකෙලිනවා
මගේ මරණ මංචකය දෙපස..

Sunday, November 1, 2015



තරු හොයන දවසක
රැවටුනා කණාමැදිරි එළියට
තරු නොමැති රැයක
සැනසුනා කණාමැදිරි එළියට